Friday, October 7, 2016

නිල් නෑ නරි !



Ofc එකේ අපේ brnch එකේ ඉන්න ඩබලක් ඇසුරෙන් මේ විස්තරේ කියන්න යන්නේ.  මේ ඩබලත් සුපුරුදු පරිදි Ofc එකේ ලොක්කෝ රොත්තේ සාමාජිකයෝ තමයි.  ඉතින් හැම ලොක්කම ලොක්කෙකු වීම සඳහා එක සොක්කෙක් හරි හොයා ගන්න එපැයි.  මෙයාල ඇවිල්ල කළමනාකාර සහකාරවරු කියලා මෑතකදී නම වෙනස් කරපු cleark කට්ටෝ දෙනනෙක්; ඒ කියන්නේ ලිපිකරුවෝ දෙන්නෙක්.  එහෙම අයත් ගොඩක් ඉන්නවා.  ඒ නිසා මේ කියන්න යන්නේ ලිපිකරුවන් මඩ ගහන්න හරි අපහසුවට පත් කරන්න හරි දෙයක් නොවෙයි.  ඒත් මම කියන්න යන කථාවට මේ ඩබල හොඳම models දෙකක්.  ඉතින් එයාල නොදැන නමුත් කරපු මේ උදව්වටtnkz කරලා මම කතාව පටන් ගන්නම් කෝ.මේ ඩබලේ එක ලොකු විශේෂත්වයක් තමයි තමන් දරණ තනතුර ගැන නොසෑහෙන්න උනන්දුවකින්, උත්තේජනයකින් කටයුතු කිරීම.  ඒක ඉතින් හොඳ දෙයක් නේ. ඒත්, මෙතැන ප්‍රශ්නයක් තියෙනවා.  මේ ඩබල ඒ තත්වය ලබාගන්න tryකරන්නේ තමන්ට වඩා පහළ ශ්‍රේණිවල ඉන්න මිනිස්සුන්ට පහත් විදියට සැළකීමෙන්.  එයාල පියන්ලට, සුළු සේවකයන්ට පාට් දාන්න හරි කැමැත්තක් දක්වනවා.  ඒක එයාලට අනූව මාර ‍ජොලියක්; මාර fun  එකක්.  තමන් විසින් ම තමන්ට හොඳටම කරගන්න පුළුවන් වැඩ පවා එයාල පියන්ලටම පවරනවා.  එයාලගේම ශ්‍රේණිවල, සමහර විට ඊට වඩා ලොකු තැන්වල උදවියත් ඒවා තනියම කරගන්න උත්සාහ කරගනිද්දී පියන්ල ලවාම ඒවා කරගන්න මෙයාල දඟලන දැඟලිල්ල දැක්කාම පව් කියලත් හිතෙනවා.  වැඩේ බාර දෙන්නෙත් පියන්ට ළඟට අඬගහලා.  ළඟටම ගිහින් දුන්නොත්, තමනුත් පියන්ලගේ ගානටම වැටේවි කියල මේ ඩබලම බයයි.  මේ ෆොටෝකොපි ගහල දෙන්නමේ file ටික අරන් යන්නඅරක මෙහාට ගේන්නමේක මෙහාට කරන්නඅරක දෙන්න අරයටඅර form එක ගන්න ,  වැඩක් කීවම එක පාර කරන්න,...................... !!!
අයියෝ ! ඉතින් මේ ඩබල ම ආපු දවසට කිසිම නිදහසක් නෑ අර මිනිස්සු දෙන්නට.  හැම දේම විධාන ක්‍රියා විතරයි.  මම හැම තිස්සෙම කල්පනා කරන්නේ පියන්ලට වධ දෙන්නේ නැතිව ඒ වගේ පොඩි පොඩි වැඩ ටික තමුන්ම කරගත්තම, තමන්ගේ මොකක්ද එකකට ඒක කැළලක් වෙනවා කියලා හිතන්නේ ඇයි ? අනික අණකිරීම් වෙනුවට හොඳින් කතා කරන්නවත් බැරි ඇයි මේ ඩබලට ? 
නිල්පාට තීන්ත බාල්දියක් ඔළුවේ හැලුනු නරියෙක් ගැන ජනකතාවක් මතක් වුණා.  මේ කතාවේ හැටියට අමුතු ම සතෙක් වෙන නරියා අනිත් සතුන් විසින් රජකමට පත් කරගන්නවා.  ඒත් තමන් නරියෙක් බව හැමතිස්සෙම නරියගේ හිතේ තියෙන්න ඇති.  මම හිතුවේ තමන්ගේ අළුත් රූපකාය ආරක්ෂා කරගැනීම ගැන ඌ මොනතරම් බයකින් ඉන්න ඇතිද කියලා.  මේ අමුතු හැසිරීමට අදාල ව අර ඩබලගේ ඓතිහාසික වංශ කතාව පිරික්සා බලපු මට මේ නරිවස්තුව උදව් වුණා ඒක තේරුම් ගන්න.මේ අය ගැන දැන ගෙන හිටපු කීපදෙනක් හරහා මට ලැබුණ විස්තරවලින් කියවුණේ මෙහෙම කතාවක්; මේ ඩබලගෙන් එක්කෙනෙක් මේ ආයතනයට එන්න කලින් රජයේ වෙන ආයතනයක පියන් කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා.  අවුරුදු පහක් මාර කට්ටක් කාලා තමයි දැන් මේ ඉන්න තනතුරට යන්තම් set වෙලා තියෙන්නේ.  අනිත් එක්කෙනා මේ ආයතනයේ ම අවුරුදු ගානක් තිස්සේ කම්කරුවෙක් හැටියට වැඩ කරපු කෙනෙක්.  අවුරුදු ගණනක් ම අස්-පස් කර කර, බර වැඩ කර කර, අත් උදව් දෙමින් ලොකු කට්ටක් කාලා තමයි මේ තනතුරට යන්තම් set වෙලා තියෙන්නේ.  මලක් වෙන්නනම් කටු පොකුරු සිපගන්නම ඕන, රත්න ශ්‍රී කීවා වගේ.  කඳුළු අතරින් මතු වෙන සිනහව ලස්සනයි.  මාත් මේක ඉහළින් ම අගය කරනවා.  ඒත්, එයාල හිටපු තැන්, එයාලා හිතන් ඉන්න තරම් පහත් නෑ; දැන් ලබල තියෙන-ඉස්සරහට ලබාගන්න ඉන්න තනතුරු හිතන් ඉන්න තරම් උසස් වෙන්නෙත් නෑ.  .තනතුරු. කියන්නේ උස්-පහත්භාවය හොයාගන්න තියෙන මිණුම්දන්ඩක් නෙවෙයි.  මෙන්න මේක තේරුම් නොගන්න එක තමයි මට එයාල ගැන තියෙන ප්‍රශ්නය. 
නිල-බල ක්‍රමයක් ඇතුළේ තනතුරක් කියන්නේ නිශ්චිත කාර්යභාරයක්;වගකීමක්.  ඒවා ඉටු කරන්න තමයි බලතල හා වරප්‍රසාද පැවරෙන්නේ.  ඒත් දැන් අර අපේ ඩබල වගේ අයට මේක ඇඟ පුරා හැලුන සායම් බාල්දියක් ! එයාලගේ කළින් තත්වය එළිදරව් වෙලා, සායම කොයි වෙලාවේ යාවිද කියල බයයි;සැකයි.  මේ නිසා ඇඟේ හැලුන සායම පරිස්සම් කරගන්න ඒ ගැන මාර serious හිතකින් තමයි මුළු දවසම ගත කරන්නේ !
ඉතින්, ලබාගන්න තනතුර හරහා මෙයාල කරන්නේ තමන් එදා විඳපු දුක, පීඩනය එදා තමන් වගේම අද ඉන්න අහිංසකයෙක් මතින් පිටකිරීමයි; ඔවන් ව පීඩාවට පත්කිරීමයි;  තමන් හිටපු පංතියේ ම මිනිසුන් ව පීඩාවට පත්කරමින්, තලමින්, තමන් ලබාගන්න දඟලන වරප්‍රසාදය මොකක්ද ?  කැපී පෙනෙන්න යන්නේ මොනවා දිනාගන්නද ? මේ අය ඇත්තට ම පළිගන්නවානම් ගතයුත්තේ කාගෙන්ද ?  තමන් ව එදා පීඩාවට පත් කළ උදවියගෙන් නොවෙයිද ?  එදා වරප්‍රසාද හිමි පැළැන්තිය ඔවුන්ගේ අයිතීන් උදුරගන්න ඇති; ගරුත්වය තලා දමන්න ඇති; රිදවන්න ඇති.  ඒකේ කිසිම සැකයක් නෑ.  ඉතින් දැන් ඒවාට උත්තර දෙන්නත් ඔවුන්ට අවස්ථාවක් ලැබිල තියෙනවා.  එදා තමන් විඳපු දුක, අද වෙනත් අහිංසකයෙකුට විඳින්න ඉඩ නොදීමයි ඔවුන් කළ යුතුව ඇත්තේ.  වඩා උසස් තත්වයකට ඔවුන් පත් වන්නේ අන්න එතකොටයි.  ඒත් සිදු වෙමින් තියෙන්නේ මේකේ අනිත් පැත්ත. මේක පට්ට ඛේදවාචකයක් ! 

දියුණු ධනපති ක්‍රමයකින් ආපු සුද්දෝ ලංකාවේ නිල-බල ක්‍රමයක් හැදුවට ඒවාට පත් වෙන්න සුදුසු පිරිසක් හැදුවේ නෑ.  ඉතින් ඒ තැන්වලට අදටත් පත් වෙන්නේ තඩි වැඩවසම් ඔළුගෙඩිකාර රජවරු !  ඉතින් හැමදාමත් අපි ආපස්සටමයි යන්නේ.  මේක වෙනස් කරගන්නේ කොහොමද කියලා ටිකක් හිතල බලමුද යාළුවනේ.....?